BREAKING NEWS
Search

පෑලියගොඩ මනුෂ්‍ය ඝාතනයක්. 24 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට

130

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පෑලියගොඩ, නාරම්මිණිය ප්‍රදේශයේ නිවසක ආසන්නයේ සිටි පුද්ගලයෙකුට පොල්ලකින් හා තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඉන් මිය ගොස් ඇත්තේ, කැලණිය ප්‍රදේශයේ නාරම්මිණිය පාරේ පදිංචි 39 හැවිරිදි අයෙක්.

පසුගිය 18 වැනිදා අදාළ පහර දීම සිදු කර ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව සඳහන්.

පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කර ඇති බවටයි, මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ.

මරණකරුට පුද්ගලයන් පිරිසක් විසින් පහර දී ඇති බවත්, ඊට සම්බන්ධ වයස අවුරුදු 24ක් වන සැකකරුවෙකු කොට්ටුකච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය සඳහන් කළා.

අදාළ ඝාතනය සඳහා භාවිත කළ පිහියක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *