BREAKING NEWS
Search

පෙරහර බලන්න ආ අයට සෞඛ්‍ය ප්‍රශ්නයක්

152

මහනුවර අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට පැමිණි ජනතාවට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැතිවීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ජනතාව පවසති.

අවසන් පෙරහර නැරඹීමට පෙරේදා (18) රාත්‍රියේ සිට පැමිණ පෙරහර ගමන් කරන මාර්ග දෙපස ඉටිකොළ එළා සිටි තමන්ට වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති යැයි ඔවුහු චෝදනා කරති.

වැසිකිළි යාමට  නිසි පහසුකම් නොමැතිවීමෙන් කාන්තාවෝ සහ කුඩා දරුවෝ දැඩි අසීරු තත්ත්වයට පත්වී සිටියහ. නරඹන්නන් පැවසූයේ විවිධ ස්ථානවල ජංගම වැසිකිළි ස්ථාපිත කර තිබුණද ඒවා ඉබි යතුරු යොදා අගුල් දමා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය.

“ නගරයේ ස්ථාන  කීපයක පොදු වැසිකිළි  තිබෙනවා. ජනතාව  වෙනුවෙන් මහනුවර මහ නගර සභාවේ වැසිකිළි සංකීර්ණය වෙන් කර තිබෙනවා. ජංගම වැසිකිළි සැපයීම සඳහා  නගර සභාව  වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් වී නැහැ. දළදා මාලිගාවෙන් නගරයේ ස්ථාන කීපයක ජංගම වැසිකිළි  ස්ථාපිත කර තිබෙනවා.  ජනතාවගේ දුෂ්කරතාව  පිළිබඳව අවධානය යොමු කර ලබන වසරේ වැසිකිළි පහසුකම වැඩි කටයුතු කරනවා ” යැයිද කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *