මැතිවරණ කොමිසමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතට අත දුන් අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතට අත නොදී සිංහල ක්‍රමයට ආයුබෝවන් කීම සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා චෝදනා මුඛයෙන් අදහස් දක්වනු දැකගත හැකිවිය.
එහිදී දිසානායක මහතා සදහන් කර සිටියේ තමන් නාමල් රාජපක්ෂ මහතාට අතට අත දී කතා කිරීම නිවැරදි බවත්, සජිත් ප්‍රේමදාස මහතා උඩගු ලෙස හැසිරුණු බවත්ය.
නාමයෝජනා බාරදෙන දවසේ නාමල් සමග සුහද කතා බහක අනුර කුමාර දිසානායක දුටු බව මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් අනුර කුමාර මහතා මෙසේ පවසා තිබෙනවා
අනේ විශේෂ කතාවක් කලේ නෑ. සාමානය කතාවක් විතරයි කලේ. මෙහෙමයි මට ඕනනම් එයා ඉස්සරහා ඔයාගේ තාත්තත් ඔයාලත් මහජනයාගේ දේපල හොරාකෑවා කියලා කියන්නත් පුළුවන්. මට ඕනනම් අතට අත දීලා හිනාවෙන්නත් පුළුවන්. අතට අත දීලා හිනාවිමත් දේශපාලනය ගැන අදහස් දැක්වීමත් දෙකක්.
අර උඩගු උද්දච්ච ….. දැක්කනේ ඒ වැඩේද හොද මේ වැඩේද?
පොදු ජනතාව කොච්චර ප්‍රතිෂේප කරනවද ඒ වැඩේ.
ජනාධිපති වරයෙක්, ජනාධ්පති අපේක්ෂකයෙක් නෙමේ සාමාන්‍ය මනුස්සයෙක් අතට අත දුන්නාම අතට අත දෙන එක නේද සාමාන්‍ය සිරිත. මොන උඩගු මිනිහෙක්ද ඒ.


















