BREAKING NEWS
Search

ලොරි රථයක් දුම්රියේ ගැටී සිදු වූ බිහිසුණු අනතුර

182

කොස්ගොඩ පොලිස් වසමේ, මහ ඉඳුරුව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයක අද (19) දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

ගාල්ල සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රියක කොස්ගොඩ සිට පැමිණි දර පටවා ගත් ලොරි රථයක් මෙලෙස ගැටී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් ලොරි රථයේ පැමිණි දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 55ක් වූ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බව වාර්තා වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *