BREAKING NEWS
Search

මගේ දුව සැබෑ සටන්කාමියෙක් – බිපාෂාගේ සැමියා, දියණියගේ හදවත් සැත්කම ගැන කියන සංවේදී කතාව

4380

බිපාෂා බාසු – කරන් සිං ග්‍රෝවර් කියන්නෙ බොලිවුඩයට ආදරය කරන ඔබට අමුතුවෙන් හඳුන්වාදිය යුතු චරිත නෙවෙයි.

ඔවුන්ගේ දියණිය තමයි දේවි.

දේවි කියන්නෙ උපතේ පටන් ම සෞඛ්‍යමය අභියෝගයන්ට මුහුණ දුන් පැංචියෙක්. ඒ ගැන නොසඟවා බිපාෂා – කරන් වරෙක සඳහන් කරලා තිබුණා.

මෑත කාලීන සම්මුඛ සාකච්ඡාවකදීත් කරන් සිං ග්‍රෝවර් සිය දියණිය දේවිගේ හදවත් සැත්කමක් ගැන විවෘතවම සඳහන් කරලා.

ඒ, දියණියගේ හදවතේ සිදුරු දෙකක් ඇති බව සොයාගැනීමෙන් පසුව මාස ​​තුනේදී ඇයට සිදු කළ විවෘත හෘද සැත්කම ගැන.

Monara

දේවි උපත ලබන්නේ 2022 නොවැම්බර්වල.

දියණියගේ උපතේ පටන් සමාජ මාධ්‍ය තුළ සිත් ඇදගන්නා සුළු දෑ හුවමාරු කළ ද තමන් පසුවූයේ මහත් පීඩාකාරී තත්ත්වයක බවයි ඔවුන් මීට ඉහත ද පවසලා තිබුණේ.

කරන් කියන හැටියට ඔහු සිය ජීවිතයේ මුහුණ දුන්, වචනවලින් විස්තර කළ නොහැකි දුෂ්කරම කාල පරිච්ඡේදය තමයි ඒ.

“මගේ දුව සැබෑ සටන්කාමියෙක්.

ඇගේ පපුවේ දිගු කැළලක් තියෙනවා. ඒක ඇගේ බඩ දක්වා දිව යන්නක්.

ඇය සහ බිපාෂා මුහුණ දුන් තත්ත්වය සංසන්ඳනය කරන්නවත් බෑ. මගේ ජීවිතයේ මේ වගේ දෙයක් වෙලා නැහැ.

නමුත් මම ගොඩක් වාසනාවන්තයි. මගේ දුව ඇය සැබෑ සටන්කාමියෙකු බව ඔප්පු කරලා….”

Monara

මීට ඉහත සංවාදයකදී බිපාෂා කියා තිබුණේ දියණිය ඉපදී තුන්වන දිනයේදී වෛද්‍යවරුන් දේවිගේ තත්ත්වය පිළිබඳව ඔවුන්ට දැනුම් දුන් බව.

ඒ, කාලයත් සමඟ ඇගේ හදවතේ සිදුරු වැසී යා හැකි බවක් ද පැහැදිලි කරමින් බවයි ඇය සඳහන් කළේ.

නමුදු නිතිපතාම දියණියව ස්කෑන් පරීක්ෂාවන්ට ලක් කරන ලෙසත් වෛද්‍යවරු අවධාරණය කරලා.

කාලයත් සමඟ කිසිදු ප්‍රගතියක් නොලැබුණු විටයි, දේවිට ශල්‍යකර්මයක් අවශ්‍ය බවට තීරණයව ඇත්තෙ.

අවසන, දේවිගේ ශල්‍යකර්මය ඉතා සාර්ථක වූ බවත් ඇය කිසි විටෙක එහි සාර්ථක බව ගැන සැක නොකළ බවත් බිපාෂා සඳහන් කරලා තිබුණා.

නමුත් දේවි ශල්‍යාගාරයේ සිටි පැය හයක කාලය තුළ ඇයට ‘කාලය නතර වූවාක් මෙන්’ දැනුණු බවයි බිපාෂා සංවේදීව කියා තිබුණේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *