පසුගිය සතියේ කල්කටා වෛද්‍ය විද්‍යාලය තුළදී දූෂණයට ලක්කර ඝාතනය කර තිබූ වෛද්‍ය සිසුවියගේ දෙමාපියන් පවසන්නේ ඇගේ මරණයට තවත් වෛද්‍ය සිසුන් කිහිප දෙනෙකු ද සම්බන්ධ බවයි.
මවුමිතා දෙබාන්ත් මෙනවියගේ මවුපියන් මෙලෙස සැකකරන පස් දෙනෙකුගේ නම් ලැයිස්තුවක් මධ්‍යම ආණ්ඩුවේ පොලිස් ඒකකය වෙත ලබාදී ඇත. මේ මරණය ඉන්දියාවේ මහත් ආන්දෝලනයට තුඩු දී ඇති අතර සෙනසුරාදා දිනය පුරා ඉන්දියාවේ වෛද්‍යවරු වැඩ වර්ජනයක නිරත වූහ.
වෛද්‍ය සිසුවියගේ මරණයට එරට දේශපාලන කැළඹීමට හේතු වී තිබේ. මෙම වෛද්‍ය සිසුවිය දූෂණයට ලක්වී තිබුණේ පසුගිය සිකුරාදා අලුයම් කාලයේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් එම රෝහලේ ස්වේච්ඡා සේවකයෙකු අත්අඩංගුවට ගත් අතර මොහු කල්කටා පොලිසියට සහාය වන්නෙකි. ඉන්දීය මාධ්‍ය පවසන්නේ මොහු සිම්බාබ්වේ විවාහ වූ පුද්ගලයකු බවයි.
බටහිර බෙංගාල මහ ඇමැතිනි මමතා බැනර්ජි පවසන්නේ දූෂණයට සතියක් ඇතුළත මරණ දඬුවම දිය යුතු බවයි.
මෙම සිද්ධියෙන් පසුව කල්කටා රෝහලට මැර ප්‍රහාරයක් ද එල්ල විය.
චතුර පමුණුව



















