31 හැවිරිදි ඇය දූෂණයට ලක්ව මිය ගොස් සිටියදී සොයා ගැනුනා.
කෙසේ නමුත් මේ සිදුවීමත් සමගම සමාජ ජාලා හරහා වෛරල් වුණ වීඩියෝපටයක් හැමෝගේම අවධානය යොමුව තිබුණා.
ඒ වෛද්‍ය මෞමිතාගේ අවසාන මොහොතේ ඇය විසින් සිය මවට යැවීමට වීඩියෝ ගත කළා යැයි කියන වීඩියෝපටය සමබන්ධවයි.
කෙසේ නමුත් factcrescendo වෙබ් අඩවිය වාර්තා කර තිබුණ ආකාරයට එවැනි ආකාරයේ වීඩියෝපටයක් ගැන වාර්තා වී නැති අතරම සමාජ ජාලා තුල කතාබහට ලක්වුණ එම වීඩියෝපටය ව්‍යාජ එකක් බවට වාර්තා කර තිබුණා.
වෛද්‍ය මෞමිතාගේ සහ එම වීඩියෝ පටයේ පෙනී සිටිනා තැනැත්තියගේ කිසිදු සමානකමක් නැති බවද සඳහන්.




















