බකමූණ ප්‍රදේශයේදී වන අලියකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කොට තිබෙනවා.
පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ මෙසේ තහනම් කර ඇති බවයි පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පැවසුවේ.
මෙම වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරීන් බකමූණ පොලිසියට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන් තිදෙනකු බවයි පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසන්නේ.
බකමූණ පොලිසියට අයත් ත්‍රි රෝද රථයෙන් ඉකුත් (15) වැනිදා මෙම නිලධාරීන් තිදෙනා ජංගම සංචාර රාජකාරියේ යෙදී තිබෙනවා.
එසේ සිටියදී දඹුලල, දම්පුරගම විහාරස්ථානයට හැරෙන් හන්දිය ආසන්නයේදී වන අලියාට වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.
එහිදී වන අලියා මියගොස් තිබෙන අතර සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනා වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙන අතර පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ඉහත තීරණය ගෙන තිබෙනවා.



















