ආසියාවේ රටවල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ විදුලි බිල තුන් ගුණයක තරම් ඉහළ අගයක පවතින බව වාර්තා වනවා.
විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන වියදම සඳහා විදුලිය ජනනය කරන කාලසීමාව ද සලකා බැලිය යුතු වනවා.
දිනපතා සවස 6 සිට 11 දක්වා කාලය තුළයි අධික විදුලිය පරිභෝජනයක් සිදුවන්නේ.
මේ නිසා ජල විදුලියට අමතරව දැවි තෙල්, ගල්අඟුරු වැනි බලාගාර ද ක්‍රියාත්මක කරනවා.
එම හේතු මතයි ලංකාවේ විදුලිය ගාස්තුව අධික වී ඇත්තේ.
ලෝකයේ සමහර රටවල විදුලි පාරිභෝගිකයන්ට නවීන ක්‍රම හඳුන්වා දී තිබෙනවා.
ඒ අතර “ප්‍රී පේඩ්” ක්‍රම හරහා පාරිභෝගිකයන්ට සිය අවශ්‍යතාව පරිදි විදුලිය ලබාගත හැකි වනවා.
එබැවින් ඔවුන්ට අධික විදුලි ගාස්තුවක් නොවන බවයි පැවසෙන්නේ.
විදුලිය සඳහා (Smart meters) භාවිතය තුළ පාරිභෝගිකයාට විදුලිය පරිභෝජනය අවම කරගත හැකිව තිබෙන බවයි වාර්තා වන්නේ.
එම ක්‍රමය මගින් පාරිභෝගිකයාට දිනපතා සවස 6 සිට 11 අතර විදුලිය පරිභෝජනය කළමනාකරණය කර ගැනීමට හැකිවනවා.
මේ අතර දුලිබල මණ්ඩලයට තවදුරටත් විදුලිය ගාස්තුව පහත හෙළිය හැකි බව වාර්තා වනවා.




















