ජනාධිපති අපේක්ෂකයින් 39 දෙනාට ආරක්ෂාවක් සපයා දීමේදී ඉන් එක් අපේක්ෂකයකු කාන්තා ප්‍රශ්නයක් මුල්කරගෙන වැඩි ආරක්ෂාවක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
එවැනි පසුබිමක් තුළ තර්ජන සම්බන්ධයෙන් බුද්ධි අංශ මඟින් ඉහළ පෙළේ තක්සේරුවක් සිදු කෙරෙන අතර එම තක්සේරු වාර්තාවට අනුව තර්ජන ඇති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව වැඩිකිරීමට කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කරන්නේ.
මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත කමිටුවක් පත්කර තිබෙනවා.
එහි සභාපතිත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාතනංශයේ ලේකම්වරයා විසින්.
සෑම අපේක්ෂකයකුටම යම් ආරක්ෂාවක් ලබාදීම මූලිකව සිදු කෙරෙන අතර තර්ජන ඇති අපේක්ෂකයන් සම්බන්ධයෙන් තක්සේරු වාර්තා ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කිරීමට එම කමිටුව තීරණය කරනු ලබන බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඒ ඒ අපේක්ෂකයන්ට නියමිත ආරක්ෂාව ලබාදීම සිදුකෙරෙනු ඇති.
මේ අතර එක් එක් අපේක්ෂකයන් සහභාගි වන රැස්වීම් කල්වේලා ඇතිව දැනුම්දීමෙන් පසු එම රැස්වීම සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත්කරනු ලැබේ.

















