BREAKING NEWS
Search

පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක්

137

තුර්කි පාර්ලිමේන්තුවේ සභිකයන් අතර එම පාර්ලිමේන්තුව තුළ දීම ගුටිබැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගේ ප්‍රකාශයකින් කෝප වූ පාලක පක්ෂයේ මන්ත්‍රීවරයෙකු ඔහුට පහර දීමත් සමග මෙම ගුටිබැට හුවමාරුව හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ආණ්ඩුව පෙරලා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ වසර 18ක සිර දඩුවම් නියම වී සිටින හිටපු මන්ත්‍රීවරයෙකුට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දිය යුතු බවට අදාළ විපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශයෙන් පසු අදාළ ගැටුම හටගෙන ඇති අතර, එම ගැටුමත් සමග පාර්ලිමේන්තුව තුළ ලේ බින්දු වැටී තීබූ බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *