BREAKING NEWS
Search

මන්ත්‍රීලා ගිනි අවියට පස්ස ගහලා

94

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම නිල බලයෙන්  හිමිවන පිස්තෝලයට අමතරව රිපීටර් අවියක්ද ලබාදීමට රජය තීරණය කර ඇතත් තවමත් ඒ සඳහා ඉල්ලුම් කර ඇත්තේ මන්ත්‍රීවරුන් දහයකටත් වඩා අඩු සංඛ්‍යාවක් බව වාර්තාවේ.

රිපිටර්  අවි නිකුත් කිරීම සඳහා අයදුම්පත්  කැඳවීම ආරම්භ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුනට මෙසේ රිපීටර් අවි  දෙන්නේ  ගාස්තුවක්   අය කිරීමෙන් පසුවය.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිවන පිස්තෝලය පවා ලබාගෙන නොමැති මන්ත්‍රීවරුන් තිහකට ආසන්න පිරිසක් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මන්ත්‍රීවරුන් 225 දෙනාටම  රිපීටර් අවියක් ලබාදීමට රජය තීරණය  කර ඇත්තේ අරගල  සිද්ධිය සහ විවිධ සමාජ කැලඹීම්  සැලකිල්ලට  ගනිමිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *