‘පාට කුරුල්ලෝ’ මේ දවස්වල යන ටෙලිනාට්ය අතර ජනප්රියම කතාවක්. ඒකෙ නිම්නාවිට රඟන ලස්සනම ලස්සන නිළිය ගැන හැමෝම වාගේ කතාකරනවා. ඒ තරමට ඈ ජනප්රියයි. එහෙම වුණේ ඈ හුඟක් ලස්සන නිසාද? ලස්සන නොවෙයියැ. ජාතික රූපවාහිනියෙ අනුග්රහයෙන් පැවැත්වුණු රූප සුන්දරී තරගයක පළමුවැනියා වුණේ පාට කුරුල්ලෝ කතාවේ නිම්නාවි තමයි. නිම්නාවි විදියට රඟන ඈ පියුමාලි එදිරිසිංහය
පියුමාලිගේ හීනවල පුංචි කාලේ ඉඳලම හිටියේ ගුරුවරියක්. හැබැයි ඉතින් රූපරාජිනිය විදියට ඔටුන්න දැම්මට පස්සේ නිම්නාවිට ඇඩ්වර්ටීස්මන්ට් හෝගාලා එන්න ගත්තලු. එයා ඇඩ්වල ඉන්නවා දැකලා තමයි පාට කුරුල්ලෝ නිෂ්පාදක චාමර ජයවික්රම එයාට ‘පාට කුරුල්ලෝ’ ටෙලියට එන්න කියලා තියෙන්නේ.
ශිවගුරුනාදන්ගේ ‘නාඩගම්කාරයෝ’ ටෙලිය ඒ දවස්වල බලනකොට පියුමාලිට හිතුණලු. ‘අනේ මටත් ඒ වාගේ ටෙලියක ඇක්ට් කරන්න තියෙනවා නම් කොයි තරම් ෂෝක්ද?’ කියලා.
ඇගේ නිළි ජීවිතයට අම්මයි තාත්තයි ලොකු සපෝර්ට් එකක් දෙනවලු. ‘තමන් හොඳ නම් කෙල්ලක් නිළියක් වෙන එක වැදගත්කමට හොඳ මදිය’ කියන එක නිම්නාවි අනුමත කරන්නේ නැහැලු. කොහොමත් ‘ඔයා නේද ‘පාට කුරුල්ලෝ එකේ නිම්නාවිට ඉන්නේ…,?’ කියාගෙන මඟ තොටදී ඇයව රසිකයෝ වටකර ගන්නකොට නිම්නාවිට දැනෙන සතුට නිම්හිම් නැතිලු.
ඒ හින්දමද කොහෙද ටීචර් වෙන හීනෙට සමුදුන්න ඇගේ ටාර්ගට් එක ලංකාවේ ජනප්රියම නිළියක් වෙන එක කියලයි ඈ ගොසිප්වලට කිව්වේ.
දමයන්ති රේණුකා ප්රනාන්දු























