BREAKING NEWS
Search

අවබෝධය තියෙනවා නම් දෙකම අගේට පරිස්සම් කරගන්න පුළුවන් – වෙඩින් එකක් නිසා සමාජ මාධ්‍ය කැලබු නයෝමි තක්ෂිලා දැන් කියන කතාව

464

නීල පබළු ටෙලියේ නපුරු පූජා කියන්නේ නස්පුක් ඩයල් එකක්. අඳුන් ගිර ටෙලියේ පද්මා ඊට හාත්පසින්ම වෙනස්. හැබැයි පොළොන්නරුවෙන් ආව ගැමි කෙල්ලක වූ නයෝමි තක්ෂිලා මේ චරිත දෙකම නියමෙට හැන්ඩ්ල් කරනවා. ඊයේ පෙරේදා ආරංචියක් ආවා ඈ කෝටිපති බිස්නස්කාරයෙක්ව බඳින්න යනවා කියලා. ඒ ගැන අහන්නයි මේ සූදානම.

මේ දවස්වල වැඩ මහ ගොඩක හිරවෙලාලු නේද?

මහ ගොඩක්ම නැහැ. ටිකක් විතර වැඩ. ටෙලි කිහිපයකම ෂූටිං ඉවරයි. හෙට අනිද්දට ජගත් බෙනරගම අයියගෙ ටෙලියක ෂූටිං

ඔයාට කොහොමත් හැමදාම වැඩ නේද?

එහෙම තමයි හිතෙන්නේ

කොයි තරම් ජනප්රිය වුණත් නයෝමිට මුල අමතක නැහැ නේද?
ප්රශ්නය පැහැදිලි මදි වගේ ටිකක්.

අදටත් ඔයා කියනවා මම පිටිසර ගමකින් ආපු ගමේ කෙල්ලෙක් කියලා?
ඔව්. මම එහෙම කියනවා. මගේ ගම, නෑදෑයෝ, අසල්වාසී අය කියන්නේ මට ආඩම්බරයක්. එයාලටත් ඒක එහෙමයි.

ඔයා විවාහ වුණා කියලා ආරංචියක් ගියා එක කාලයක?
මගේ පවුලේ අය නෑයෝ පවා කලබල වුණා. මමත් කලබල වුණා. දන්න කියන අය හැමෝම හෝගාලා කෝල්ස් දෙන්න ගත්තා. පස්සේ මගේ ෆේස්බුක් එකවුන්ට් එකට මම පෝස්ට් එකක් දැම්මා ඒක බොරුවක් කියලා.

ඒක හිට් වෙන්න හිතාගෙන කරපු අහිංසක මගඩියක්ද?

අයියෝ නැහැ. මේ තියෙන හිට් එක මට හොඳටම ඇති. ඒක මේ සෝෂල් මීඩියාවලින් මගේ ෆොටෝ ෂූට් එකක් අරගෙන කරපු වයිරල් එකක්.

ඔයාට විවාහ යෝජනාවක් ඇවිදින් කියලා දැන් යන ගොසිප් එකත් බොරුවක්ද?
ඒක ඇත්තක්. මට විවාහ යෝජනාවක් ආවා. මම ඒකට කැමැත්ත දුන්නා.

ළඟදීම අපට වෙඩින් කේක් කන්න පුළුවන් වෙයි නේද එහෙනම්?
දැන්මම නෙවෙයි. අපි තාම පෙම්වතුන්. ටික කාලයක් මෙහෙම ඉන්නවා. විවාහයක් කියන්නේ ලොකු වගකීමක්. එතැනට යන්න ආර්ථික වශයෙන් අපි තව ටිකක් ශක්තිමත් වෙන්න ඕනෙ කියලා අපි දෙන්නම හිතුවා.

එයා කෝටිපති ව්යාපාරිකයෙක්. තව මොකටද නයෝමි සල්ලි හොයන්නේ?
කවුද කියන්නේ එයා කෝටිපතියෙක් කියලා?

ඔය හැම තැනම කතාව යන්නේ…?
ඒක ලොකු බොරුවක්. මේ කතාව ආපු එකත් හොඳයි.. එයා බොහොම සාමාන්ය ව්යාපාරිකයෙක්. ඔය කියන කෝටිපති තත්ත්වයක් එයා ළඟ නැහැ. ඒ වගේම හැම අතින්ම අපි ගැළපෙනවා. අපි දෙන්නා හැම දේම සුහදව කතාකරලා හෙට දවස ප්ලෑන් කරනවා. හැම දේම අංගසම්පූර්ණ වෙච්ච දවසක අපි කසාද බඳිනවා.

සල්ලි පනම් ටිකක් හොයාගෙන මැරි කරන්නේ නිළිකමෙන් අයින් වෙන්නවත්ද?
එහෙම අදහසක් නම් තවම නැහැ. හැබැයි ෆැමිලි ලයිෆ් එක ෆස්ට් කියන තැන තමයි එදාට මම ඉන්නේ.

එතැන ඉන්න කිව්වේ අනාගත සැමියද?
නැහැ. ඒක මගේ තීරණයක්. නයෝමි තක්ෂිලා කියන නිළියව එයා හොඳින් තේරුම් අරන් ඉන්නේ. ඒ හින්දා බැරියර්ස් රූල්ස් මොනවත් මට නැහැ.

බැලන්ස් එකේ හැම දේම ප්ලෑන් කරන්නයි සූදානම නේද?
දෙන්නා අතර අවබෝධය තියෙනවා නම් පවුලත් නිළිකමත් දෙකම අගේට පරිස්සම් කරගන්න පුළුවන්.

ඔහු පෙම් කරන්න ගත්තේ නීල පබළු ටෙලියේ ලස්සන පූජාටද?
නැහැ. ඔහුගේ ආදරය ලැබුණේ හද්ද පිටිසර ගමකින් කොළඹට ආව නයෝමි තක්ෂිලා කියන කෙල්ලට. මම වැඩියම මනාපත් ඔහුගේ ඒ සරල බවටයි.

නීල පබළු සමග පූජාත් යන්න ගියා?
ඒ අවසානය ඒ මොහොතේ විය යුතුව තිබුණා.

අවසානයට පෙර පූජා යන්න ගියේ ඔයාගේ තීරණයක් නිසාද?
නැහැ. ඒක හැමෝම එකතු වෙලා ගත්ත තීරණයක්. මම එහෙම කාටවත් බලපෑම් කරන්නේ නැහැ. නයෝමි තක්ෂිලා කියන්නේ බොහොම සරල කා සමගත් සුහද චරිතයක්.

දමයන්ති රේණුකා ප්රනාන්දු

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *