BREAKING NEWS
Search

23 හැවිරිදි තරුණියට තම රහස් අවයව වල වීඩියෝ දසුන් යැවූ විකුණුම් උපදේශකට වෙච්ච දේ

169

23 හැවිරිදි අවිවාහක මුදල් අය කැමිවරියට වට්සැප් තාක්ෂණය ඔස්සේ ඇසැබි වීඩියෝ දසුන් යොමු කර අපහසුතාවයට පත් කළ 24 හැවිරිදි විකුණුම් උපදේශකවරයකු මොරටුව පෞද්ගලික සමාගමක් තුළදී අත්අඩංගුවට ගත් බව පරිගණක අපරාධ විමර්ශන අංශය කියයි.

පිරිමි පුද්ගලයකුගේ ලිංගික දර්ශන ඇතුලත් වීඩියෝවක් මෙන්ම තර්ජනාත්මක අසැබි වැකි සඳහන් කෙටි පණිවිඩ වට්සැප් තාක්ෂණය ඔස්සේ දින කීපයක සිට තම ජංගම දුරකථනයට ලැබෙන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස පන්නිපිටිය ප්‍රදේශයේ තරුණියක් පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ බව පොලිසිය කියයි.

පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නදීකා දිසානායක මහත්මියගේ උපදෙස් මත අදාළ පැමිණිල්ලට අදාළව සිදුකළ මූලික විමර්ශනයේදී තරුණියට එම අසැබි දසුන් යොමු කල පුද්ගලයා සිම්පත ලබාගෙන ඇත්තේ පෞද්ගලික සමාගමක ලිපිනයන් ඉදිරිපත් කර බව අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *