ගෙවුණු කාලය පුරාවට ජාත්‍යන්තර වශයෙන් ම පුවත් මැවූ යුවළක් තමයි හර්දික් පාණ්ඩ්‍යා සහ නටාසා ස්ටැන්කොවික්.
කටකතා සෑහෙන ප්‍රමාණයකට පස්සෙ, දිගු නිහැඬියාව බිඳිමින් ඔවුනොවුන් සිය වෙන්වීම ගැන ලෝකෙටම කියලා තිබුණා.
එහෙම වෙන් වුණු හර්දික් – නටාසා ගැන තවමත්, උකුසු ඇස් අවදියෙන් !
ඊට ආසන්නතම නිදසුන තමයි පාණ්ඩ්‍යා සහ සුරූපිනියක් සම්බන්ධ කරමින් මේ වෙද්දි පැතිර යන ‘කටකතාව’
ඇය නමින්, ජැස්මින් වාලියා. බ්‍රිතාන්‍ය ජාතික ජැස්මින්, වෘත්තියෙන් ගායිකාවක් සේ ම රූපවාහිනී නිවේදිකාවක් ද වෙනවා.
මෑතකදී ජැස්මින් ගිහින් තිබුණා ග්‍රීසියේ සංචාරයකට. සංචාරය අතරතුරදී ගත් සේයා රූ කිහිපයක් ම ඇය සිය සමාජ මාධ්‍ය වෙත ද එක්කාසු කරලා.

අනිත් කාරණාව නම්, ඒ කිට්ටුම දිනවලදි පාණ්ඩ්‍යා ද ග්‍රීසියේ සංචාරයක නියැලීම !
ඔහු ද සිය සංචාරයේ කෙටි වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එකතු කර තිබුණා.
විශේෂම කාරණාව නම් දෙන්නගෙ පසුබිම එකම ස්ථානයක වීම.

මේ සමාන කිරීම් මත, බොලිවුඩ් කටකතාවලට වැඩි අවදානයක් දෙන ‘Reddit’, අනුමාන කරනවා හර්දික් – ජැස්මින් දෙන්නගෙ ගමන අහම්බයක් නොවන වග.
ඒ කතාව Reddit පරිශීලකයින් ද අනුමත කරලා. ඔවුන් මේ කතාව බෙදාගන්නේ “Hardik Pandya’s new gf?” යන ශීර්ෂ පාඨය එක්ක.
ඒ විතරක් නෙවෙයි, හර්දික් – නටාසා වෙන්වීමේදී නටාසා දිහාවට ඇඟිල්ල දිගු කළ බොහෝ උදවිය දැන් දැන් නටාසාගෙන් සමාව ඉල්ලන තැනට ඇවිත්.
ජැස්මින් වාලියාගේ බොලිවුඩ් ආගමනය සිද්ද වෙන්නෙ 2018 දී, Sonu Ke Titu Ki Sweety චිත්‍රපටයේ Bom Diggy ගීතය සමඟ.
ඇය ඉංග්‍රීසි, පන්ජාබි සහ හින්දි භාෂාවලින් ගීත නිකුත් කර තිබෙනවා.
හර්දික් – ජැස්මින් ගැන කතාව Reddit, ග්‍රීසියට විතරක් සීමා කරලා නෑ.
එහි සඳහන් ආකාරයට ඔවුන්ගේ ග්‍රීසියේ සංචාරය ගැන කටකතා මතු වෙන්නෙ, හර්දික් පාණ්ඩ්‍යාගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පස්සෙ !!
ඔවුන් කියන හැටියට දෙන්නත් එක්කම තමයි ලංකාවටත් ඇවිත් තියෙන්නෙ.
කතාව එතනින් ඉවරත් නෑ.
තවත් තැනක ජැස්මින් සමාජ මාධ්‍ය වෙත එක්කාසු කරන ලද ඡායාරූපයක හර්දික්ගේ ටැටූවට සමාන ටැටූවක් සහිත අයෙක් ඈ සමඟ වාහනයේ ගමන් ගන්නවා. මේකත් මේ දෙන්නගෙ කතාවට තටු ලැබෙන්න එක හේතුවක්.

ඒ වගේම ගෙවුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් අතර තුර කාලයේත් ජැස්මින් තරග නැරඹීමට පැමිණි බව කියවෙනවා.
එතන විශේෂත්වය නම් හර්දික් – නටාසා වෙන්වීම ගැන කතා ඇහෙන්න ගත්ත කාලයත්, නටාසා ප්‍රිමියර් ලීග් තරග නැරඹීමට ආවෙ නෑ කියන චෝදනාව එල්ල වූ කාලයත් සමපාත වීම.


























