BREAKING NEWS
Search

රනිල්ට හයිය දෙන්න ගිය පොහොට්ටුවේ මන්ත්‍රීලා 92 දොට්ට

235

ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එ\ක් වූ  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කරන ලදැයි පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනුම් දෙමින් එම මන්ත්‍රීවරුන්ට අද හෙටම ලිපි  යොමු කරන බවද හෙතෙම  සඳහන් කළේය.

විනය ක්‍රියාමාර්ග වලින් පසු ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි.

ඔවුන් සම්බන්ධයෙන් වහාම විනය පියවර ගන්නා ලෙස පක්ෂයේ ක්‍රියාකාරීන් ඉල්ලීම් කරමින් සිටින බව පැවසූ ලේකම්වරයාමේ දිනවල ඊට අවශ්‍ය මූලික කටයුතු කරගෙන යන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ අපේක්ෂකයාට සහාය නොදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට ගිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 92කි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදු ජන  පෙරමුණින් වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවේ එහි දේශපාලන මණ්ඩලය විසිනි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *