BREAKING NEWS
Search

ශලනි තාරකා කෙල්ලොන්ගේ ක්‍රෂ් එක දර්ශන් තවරාජ්ව දනගස්සයි

18986

තරුණ කෙල්ලන්ගේ වගේම තාරුණයෙන් එහා ගිය වයස් සීමාවේ ඉන්න ගැහැනු හිත්වලත් මේ දවස්වල ක්රෂ් එකක් වෙච්ච දර්ශන් තවරාජා ගැනයි මේ සටහන සූදානම් වෙන්නේ.

See youටෙලිය හරහා වැඩියෙන්ම හිට් වුණු නිරූපණ ශිල්පියකු විදියටත් ෆේමස් දර්ශන් හිත හොඳ නිහතමානී හාදයෙක් වගේම සෙට් එකේ කා එක්කත් සුහදව වැඩකළාට ෂූටින්වලට එන එකේ නම් පුංචි පහේ ප්රමාදයක් තියෙනවලු.

See you එකටත් ඒක එහෙම වෙනවලු. මේ කාරණය නිසා එයත් එක සෙට් එකට සෙට්වෙලා ෂූට් කරන්න මේක්අප් දාගෙන බලාගෙන ඉන්න ශලනි තාරකා අසූහාරදාහට නගින එයාගේ කේන්තිය පාලනය කරගන්නේ හරි අමාරුවෙන්ලු. 

දර්ශනුත් ඒක දන්නවා. ඒ හින්දා, අනේ සොරි අක්කේ. වෙරි සොරි අප්පා…’ කිය කියා ශලනි වටේ කැරකෙනවලු. ඒත් ශලනිගේ මූඩ් එක අවුල්. අන්තිමේදී දර්ශන් ශලනිට දණගහලා වැඳලා සමාව ගන්නවලු. ශලනි හිනාව තදකරගෙන අනිත් අය දිහාත් බලලා ඉඟිමරණ ගමන් දර්ශන්ට හයියෙන් ටොක්කකුත් ඇනලා සමාව දෙනවා.

එතකොට පරක්කු වෙන හැම දවසකම දර්ශන් ශලනිට දණගහලා වඳිනවලුද? ශලනි එයාට ටොකු අනිනවද?

එහෙම තමයි See you සෙට් එක පැත්තෙන් ආරංචි වෙන්නේ. විනෝදයටත් එක්ක කට්ටිය ඒක පුරුද්දක් කරගෙනලු ඕං

දමයන්ති රේණුකා ප්රනාන්දු

 

 

 

 

 

 

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *