BREAKING NEWS
Search

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී මිය ගිය 18 හැවිරිදි තරුණයා – ජායාරූප මෙන්න

315

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ ඊයේ (15) හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම පනාගොඩ මාර්ගයේ ජල්තර ප්‍රදේශයේදීය.

යතුරුපැදි දෙක එකිනෙක ගැටීමෙන් අනතුරුව එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ දුරකථන රැහැන් කණුවක ද ගැටී තිබේ.

අනතුරෙන් යතුරුපැදි දෙකෙහිම පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව එක් අයෙක් මියගොස් තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි දැඩිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

 

 

ජායාරූප : accident1st




Leave a Reply

Your email address will not be published. Required fields are marked *