BREAKING NEWS
Search

භයානක වසංගතය අප්‍රිකාවෙන් පිටත ව්‍යාප්ත වෙයි

100

අප්‍රිකානු මහද්වීපයෙන් පිටත වාර්තා වූ ප්‍රථම මංකිපොක්ස් රෝගියා ස්වීඩනයෙන් වාර්තාවී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ එම ප්‍රභේදය වේගයෙන් ව්‍යප්ත වන ප්‍රභේදයක් බවට හඳුනාගෙන ඇති බවය.

අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රදේශ කිහිපයක පැතිරයන ‘එම්පොක්ස්’ හෙවත් ‘මංකිපොක්ස්’ වසංගතය ලොව අවධානයට ලක්විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ද දැනුම්දී තිබුණි.

කොංගෝ හි එම රෝගය වැළඳී පුද්ගලයින් 450ක් පමණ ජීවිතක්ෂයට පත්විය. ආසාදිත වූ ගණන 14,000කට ආසන්නය.

මෙම වසංගතය ආරම්භක කාලයේදී හැඳින්වූයේ ‘මංකිපොක්ස්’ යනුවෙනි.

‘එම්පොක්ස්’ ආසාදනය වන්නේ ලිංගික සබඳතා සහ වෙනත් සමීප සබඳතා ඔස්සේ සහ ආසාදිතයෙක් සමග කතාකරන විට හෝ එවැනි පුද්ගලයෙක් ආසන්නයේ සිට හුස්ම ගන්නා විටදී බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසීය.

එහි මූලික රෝග ලක්ෂණ ලෙස උණ ඇතිවීම, සමෙහි තුවාල මතුවීම ලෙස දැක්වෙයි. සෑම ආසාදිතයින් 100කින් 4 දෙනෙක් පමණ මරණයට පත්වීමට ඉඩ ඇති බව සඳහන් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *