බිරියයි – දියණියයි පිළිස්සූ සෙබළ පියා

213

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

වත්තේගම  මීගම්මනවත්තේ පදිංචි තම බිරිය සහ  කුඩා දරුවා පුළුස්සා පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙකැලේ යුද හමුදා කඳවුරේ සෙබළකු අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය කියයි.

මීගම්මනවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති 24 හැවිරිදි බිරිය සහ  වසර එකහමාරක් වයස ඇති කුඩා දරුවා සිද්ධියෙන් තුවාල ලබා ඇති අතර පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබා දුන් තොරතුරකට අනුව 39 හැවිරිදි ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

තුවාල ලැබූ කාන්තාව සහ දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති අතර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *