BREAKING NEWS
Search

ඔයා ශිහාන්ට කරපු දේවල් අමතක නෑ. අමල් – රුවන් ගැටුම උත්සන්න වෙයි – ශෙරිල් අමල්ට හොඳම එකෙන් අමතයි

2267

හිරු ස්ටාර් තරගය අතරතුර ඇතිවූ සිදුවීමක් නිසා ගායක අමල් පෙරේරා සහ රුවන් හෙට්ටිආරච්චි අතර යම් උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා.

තරගකරුවෙකුට මනාප පළ කිරීමක් සම්බන්ධය ඇති වූ මෙම වචන හුවමාරුව අවසානයේ අමල් ආවේගශීලීව රුවන් හෙට්ටිආරච්චිට බැන වදින අයුරුද දැක ගත හැකි වුණා.

“මේකෙන් වෙන්නේ මුළු රටම ලෝකෙම දැනගන්නවා මට තිබ්බ ලෙඩේ මොකක්ද කියලා. මගේ ප්‍රෙශර් වැඩි වෙනවා මුන් ඒක කතා කරද්දි. එහෙම කරන්න ආවොත් කරන්න දෙන්නෙත් නෑ. එහෙම එකක් කරන්න බෑ මේකේ. ලකුණු හතක් දෙන්න බැරි වෙච්ච එකට සාධාරණීකරණය කරන්න එපා. මේක මාර ආතල්. මේ රණ්ඩුව දිගටම ගෙනියමු.” මේ අමල් රුවන් හෙට්ටිආරච්චිට ප්‍රතිචාර දක්වපු විදිය.

කොහොම වුණත් රුවන් අමල් කිව්ව කතාවට බොහොම ඉවසිලිවන්තව පිළිතුරු දුන්නත් නැවත නැවතත් ඔවුන් අතර ගැටුම උත්සන්න වුණා.

මෙය රියලිටි වේදිකාවේ සිදුවූ රංගන කාර්යයක් ලෙස බොහෝ දෙනා සිතූ නමුත් ශෙරිල් ඩෙකර් සිදු කළ කලකිරීමක් නිසා එය එසේ නොවෙන බැව් තහවුරු වී තිබෙනවා.

මේ එම සිදුවීම සම්බන්ධයෙන් ශෙරිල් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කල සටහන.

කොහොම වුණත් ඇගේ මේ සටහනට ප්‍රේක්ෂකයින් බොහෝ දෙනෙක් පිළිතුරු දී තිබුණේ ඒ මොහොතේ අමල්ගේ හැසිරීම තදින්ම විවේචනයට ලක් කරමින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *