ඒත් දැන් වෙනකොට ඒ හැම දෙයක්ම වෙනස් වෙලා..
මෙවර ගණිත අංශයෙන් අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත මැදිරිගිරිය ජාතික පාසලේ ඉගෙනුම ලබන ධනුෂගේ සියලු පොත්පත් ආදිය ගිනිතබා විනාශ කළ බව කියන පුද්ගලයෙකු ප්රදේශයෙන් පලාගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා..
මෙම පුද්ගලයා පසුගිය දා පොරොවක්, ගල් කඩන උපකරණයක් සහ තියුණු ආයුධයක් අතැතිව මෙම නිවසට පැමිණ නිවසේ දොරට ආයුධවලින් පහරදී දොරගුලු කඩා ඇතුළු වී නිවසේ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ රැසකට හානි සිදුකොට මෙම දරුවාගේ වසර දෙකකම සියලු සටහන් සහිත පොත් ගිනි තබා තිබෙනවා..
දැනට මෙම නිවැසියන් අලුතින් ඊට යාබදව ඉදි කරනු ලබන නිවසේ වැඩ කරමින් සිටි මේසන් බාස්වරයෙකුටද මොහු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකොට ඇති බවයි වාර්තා වෙන්නේ..
මෙලෙස ඔහුට තුවාල සිදු කරන අවස්ථාවේ ඔහුගේ සහයට සිටි අනෙක් පුද්ගලයා විසින් මට්ටම් ලීයකින් මොහුගේ හිසට පහරදී ඇති අතර පසුව මොහු තුවාල සහිතවම මැදිරිගිරිය පොලිසියට භාර වී තිබුණා..
























