මනූෂ වෙනුවට එන අලුත් මන්ත්‍රී

124

මනූෂ නානායක්කාර ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කර තිබේ.

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දුගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය පක්ෂය ගනු ලැබූ තීරණය නිත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 09 වනදා තීන්දු කිරීමත් සමග ඔවුන්ට මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වුණි.

මනූෂ නානායක්කාර මහතා 2020 මැතිවරණයේ දී සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් වෙමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීම හේතුවෙන් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානයට පත්වූ බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාට පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව හිමිවී තිබේ.

2020 වසරේ පැවති මහ මැතිවරණයේ දී හරීන් ප්‍රනාන්දු මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීම හේතුවෙන් ඔහුගේ පුරප්පාඩුව සඳහා සුදුස්සෙකු නම් කිරීම ද සමගි ජන බලවේගය පක්ෂය විසින් සිදුකළ යුතු ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *