BREAKING NEWS
Search

වැරදුනු කුරුමානම. 99න් ජිවිතයක් බේරෙයි

163

හික්කඩුව නගරයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ වී තිබේ.

ටී56 ගිනි අවියක් අතැතිව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (14) පස්වරුවේදී මෙම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.

ත්‍රීරෝද රථ රියදුරු එම අවස්ථාවේදී පොරබදා ගොස් සැඟව ඇති අතර වෙඩිතැබීමට පැමිණි දෙදෙනා පළාගොස් ඇති බවද පොලීසිය පවසයි.

එම ස්ථානයේ තිබී ටී56 ජීව උණ්ඩයක්ද හමුවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *