BREAKING NEWS
Search

නිවසින් අතුරුදහන් වූ තරුණයා හමු වූ තැන

191

තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් අද (14) සොයා  ගත් බව   තලවකැලේ පොලීසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තලවකැ‌ලේ වත්තේ පදිංචිව  සිටි බී. මධුෂන්   (21) නැමැති  අයෙකුගේ  බවට ඥාතීන් විසින් හදුනාගෙන තිබේ.

මෙම තරුණයා නිවසින් අතුරුදහන්ව ඇති බවට මීට දින කීපයකට පෙර  පැමිණිල්ලක්ද ලැබී තිබු බව තලවකැලේ පොලීසිය පවසයි.

ජලාශයෙන් ගොඩ ගත්  සිරුර පශ්චාත්  මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ  වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පොලීසිය පියවර ගෙන තිබිණි.

තලවකැලේ පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු  සිදු කරනු  ලබයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *