BREAKING NEWS
Search

ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට එරෙහිව නඩුවක් දැමු ශක්තිමත් කෙල්ල

114

තමන් පිරිමියෙක් යැයි පවසමින් අන්තර්ජාලය තුළ සටහන් තබමින් අපහාසයක් කළා යැයි චෝදනා කරමින් ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ට සහ ප්‍රසිද්ධ ලේඛිකාවක වන ජේ. කේ. රෝලිංට නඩු පැවරීමට පසුගියදා අවසන්වූ ඔලිම්පික් තරඟාවලියේදී බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකාවක වන ඉමානේ කෙලීෆ් කටයුතු කළාය.

ජේ. කේ. රෝලිං සහ  ඊලෝන් මස්ක් ඇතුළු කීපදෙනකු චූදිතයන් ලෙස නම් කරමින් මාර්ගගතව අපාහස කිරීමේ චෝදනාව මත නඩුවක් ගොනු කළ බවත් එහි චූදිතයකු ලෙස ඇමෙරිකානු හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නම් කර නැතත් ඔහුද ඉදිරියේදී විමර්ශනයට ලක්වනු ඇති බවත් ඉමානේ කෙලීෆ්ගේ නීතිඥ නබිල් බවුදි ප්‍රකාශ කළේය.

ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් සහ ඉතාලියේ ඇන්ජෙලා කරීනී අතර පැවැති අවසන් 16 දෙනාගේ වටයේ කාන්තා බොක්සිං ක්‍රීඩා තරඟයේදී ඉමානේගෙන් එල්ල වන පහරවල් දරා ගත නොහැකි බව පවසා කරීනි තත්පර 46 කදී ඇඬු කඳුලින් තරඟය අත්හැර දැමුවාය. ඒ සමඟ ඉමානේ කෙලීෆ්ට විවේචන රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ අතර ඉමානේ කෙලීෆ්ට එක්ස් සහ වයි වර්ණදේහ තිබෙන බව ජාන පරීක්ෂාවකින් ඔප්පු වී තිබෙන බැවින් ඇය ජීව විද්‍යාත්මකව පිරිමියෙක් බවත් ඇයට කාන්තා බොක්සිං තරඟයකට සහභාගී වීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බවත් පවසමින් බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයෝ විවේචන එල්ල කළහ.

එහිදී ඊලෝන් මස්ක් සහ ජේ. කේ. රෝලිං ද පිරිමියෙකුට කාන්තා තරඟ ඉසව්වකට සහභාගීවීමට අවස්ථාව ලබාදීම සාධාරණ නොවන බව පවසමින් සමාජ මාධ්‍ය තුළ මත පළකළ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ද එවැනිම මතයක් පළ කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *