BREAKING NEWS
Search

හික්කඩුව මුහුදේ මාරාන්තික දිය වැලක්. විදේශිකයා බේරාගැනීමට ගිය 06ක්ම දියවැලට හසුවෙයි

268

මීට සුළු මොහොතකට පෙර හික්කඩුව මුහුදේ දියනාමින් සිටි රුසියානු ජාතිකයෙක් දියවැලකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා.

ඔහුව බේරාගැනීම සඳහා එම අවස්ථාවේදීම ක්‍රියාත්මක වූ වෙරළ ආරක්ෂකයින් දෙදෙනෙකුත් එම දියවැලට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඔවුන්ව බේරාගැනීම සඳහා තවත් වෙරළ ආරක්ෂකයින් දෙදෙනෙක් ක්‍රියාත්මක වූවත් ඔවුන්වද දිය වැලට හසුව තිබෙනවා.

මේ ආකාරයට වෙරළ ආරක්ෂකයින් 06 දෙනෙක් විදේශිකයාව බේරාගැනීම සඳහා මුහුදට ගොස් තිබුණා.

අනතුරුව පොලීසියද එම ස්ථානයට පැමිණ ඇති අතර විශාල පරිශ්‍රමයක් දරා ඔවුන් සියළු දෙනාම ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට සමත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

Monara



Leave a Reply

Your email address will not be published. Required fields are marked *