ඩිෆෙන්ඩරයක් හෙළකට පෙරැළෙයි

83

දඹුල්ල බකමූණ මාර්ගයේ 14 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී ඩිෆෙන්ඩරයක් මාර්ගයෙන් ඉවතට පැන  හෙළකට පෙරැළී සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ 19 හැවිරිදි තරුණයකු දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම ජීප් රථයේ සිට ඇත්තේ එම ජීප් රථය පදවාගෙන පැමිණි බව කියන තරුණයා පමණක් වන බව ද පොලිසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ විදෙස් රටක උසස් අධ්‍යාපනය ලබන බව කියන අවුරුදු  19 හැවිරිදි වියෙහි පසුවන කොළඹ ප්‍රෙද්ශයේ පදිංචි තරුණයෙකි.

අනතුරට පත්ව හෙළට පෙරළී තිබූ ජීප් රථය දඹුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් යළි ගොඩට ගත්තේය.

 

ජායාරූප :accident1st




Leave a Reply

Your email address will not be published. Required fields are marked *