Search

ජනතාව නවසීලන්තය හැර යයි

511

විරැකියාව ඉහළ යාම, පොලී අනුපාත ඉහළ මට්ටමක පැවතීම නිසා ආර්ථික වර්ධනය අඩුවීම හේතුවෙන් නවසීලන්තවාසීන් වාර්තාගත සංඛ්‍යාවකින් නවසීලන්තය හැර යමින් සිටින බව රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා.

නවසීලන්තය විසින් නිකුත් කරන ලද සංඛ්‍යාලේඛන දත්ත පෙන්නුම් කළේ 2024 ජූනියෙන් අවසන් වූ වර්ෂය තුළ පුද්ගලයින් 131,200 ක් නවසීලන්තය හැර ගොස් ඇති බවයි. ඉන් 80,174 ක් නවසීලන්ත ජාතිකයන් බව සඳහන්.

එය තාවකාලිකව වාර්ෂික කාල සීමාවක් සඳහා වාර්තා වූ ඉහළම අගය බව සඳහන්. මෙම සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණ ඔස්ට්‍රේලියාවට ගොස් තිබෙනවා.

නවසීලන්තයේ ආර්ථික ගැටළු හේතුවෙන් නවසීලන්තයට යාමට අවශ්‍ය විදේශිකයන් සංඛ්‍යාව ද පහත වැටී ඇති බව සඳහන්.

ලක්ෂ 53 ක ජනතාවක් වෙසෙන නවසීලන්තයේ ජීවන වියදම, ඉහළ පොලී අනුපාත සහ රැකියා අවස්ථා අඩුවීම නිසා කලකිරුණු වැසියන් ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ වෙනත් රටවල් වෙත සංක්‍රමණය වන බවයි ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *