BREAKING NEWS
Search

ඔහු මිය ගිය බවක් ඇය දැන සිටියේ නැහැ… දැන ගත්තාම ඒකයි මෙහෙම වෙන්න ඇත්තේ? – ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් රෝහලින් පිටව යයි…

2023
පසුගිය 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් විජේවර්ධන නිවසට රැගෙන ගොස් තිබෙනවා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය මේ වන විට යහපත් තත්ත්වයෙන් පසුවන බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, ඔහු මියගිය බව ඇය දැනගෙන ඇත්තේ ද ඊයේ දිනයේ, ඒ හේතුවෙන් ඇය දැඩි සේ වේදනාවෙන් පසුවෙන බවද තවද මේ මොහොතේ ඇය විෂාදය නැමැති රෝගයෙන් පීඩා විදින බවද සඳහන් වනවා.

අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටා තිබූ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේ දී ක්ලබ් වසන්ත ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් දියත් කෙරුණා.

එහි දී ඔහු ඇතුළු තවත් අයෙකු මිය ගියා.

එමෙන් ම ක්ලබ් වසන්තගේ බිරිඳ සහ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ.සුජීවා ඇතුළු සිව් දෙනෙකු බරපතළ තුවාල ලැබූ අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු ඇයට සැත්කම් තුනක් සිදු කළ බව ද සඳහන්.

එහි දී ඇයගේ පපු ප්‍රදේශයේ තිබූ වෙඩි උණ්ඩ ශල්‍යකර්මයකින් ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් කටයුතු කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *