දියණියගේ රූපලාවන්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට පැමිණ සිටියදී පියගැට පෙළෙන් පය ලෙස ඇද වැටී තුවාල ලැබූ මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ පිළියන්දල සිද්ධමුල්ල අංක 120 හි පදිංචි විරසිංහ පතිරණගේ නන්දාවකි නමැති (78) හැවිරිදි කාන්තාවක්.
මෙම කාන්තාව හෝමාගම නගර මධ්‍යයේ තෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ සිය දියණිය විසින් විවෘත කිරීමට නියමිතව තිබූ රූපලාවණ්‍යාගාරයට පැමිණ සිටියදී දෙවන මහලේ සිට පළමු මහලට බැස යාම සදහා ඉදි කර තිබූ සියගැට පෙලෙන් බිමට බැස යාමට සූදානම් වෙද්දී සය ලෙස්සා අඩි හතරක් පමණ පහලට ඇද වැටී අනතුරකට ලක්ව තිබුණි.
අනතුරින් ඇයගේ හිසට බරපතල තුවාල සිදුව බිම වැටී සිටියදී ඒ බව දුටු සැමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී පැමිණ සිටි පිරිසගේ සහායෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් තිබේ.




















