ඒ විතරක් නෙවෙයි රංගනය නිසා අතිශ්‍යට ප්‍රසිද්ධියට පත් මේ ශිල්පිනියට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිසක් මේ වෙද්දී ඇය වටා ඉන්නවා.. කවුද මේ සුරුපි තාරකාව..?
ඇයට වෙනත් අය ඇසුරු කිරීමේ යම් අපහසුතාවක් තිබුණාලු… මේ නිසා බොහෝ දෙනා තමා ගැන වරදවා සිතූ බවත් ඇය පවසනවා. කෙසේ නමුත් තම පෞරුෂය සම්බන්ධයෙන් පැවැති මෙවැනි ගැටලු මග හරවාගෙන ජීවිතය ජය ගන්නට අද රශ්මිකා සමත්ව සිටිනවා…
මේ කාලයේ ඇය එතරම් ආකර්ෂණීය චරිතයක් නොවුණු නිසා ඇය රංගන ක්‍ෂේත්‍රයට පිවිසෙනවාට රශ්මිකාගේ මව්පියන් තුළ වැඩි කැමැත්තක් තිබී නැහැ. නමුත් පසුව ඔවුන් ඇයට ඒ සඳහා ඉඩ දී තිබුණා…
රශ්මිකාට ඇයගේ සිහිනය සැබෑ කරගන්නට අවස්ථාව විවර වී තිබුණේ පුවත්පතක් මඟින් පවත්වන ලද ‘නැවුම් මුහුණු’ තරගයක් නිසායි.. මෙම තරගයෙන් ජයගන්නට ඇය සමත් වූ අතර ඇයට හිමි ත්‍යාගය ප්‍රදානය කර තිබුණේ සුපිරි නළු ආක්ෂේ කුමාර්ය. මේ ජයග්‍රහණය නිසා රශ්මිකාට නිරූපණ ශිල්පිනියක ලෙස කටයුතු කිරීමට අවස්ථාව විවර වී තිබුණා… ඒ ඔස්සේ තමයි පසුව ඇය සිනමා රංගනයට එක් වුණේ…
ඇයගේ පළමු චිත්‍රපටය වූ ‘කිරික් පාටි’ චිත්‍රපටයේ ප්‍රධාන පිරිමි චරිතය නිරූපණය කළේ රක්‍ෂිත් ෂෙට්ටි.. චිත්‍රපටයේ රඟපාන කාලයේ මේ දෙදෙනා අතර ආදර සම්බන්ධයකුත් ඇති වුණා.. ඔවුන් විවාහ ගිවිසගෙන සිටි බවත් පැවසෙනවා… නමුත් පසුව රශ්මිකා සහ රක්ෂිත් තම සම්බන්ධය නතර කර තිබුණේ තමුන් අතර නොගැළපීම් ඇති බව තේරුම් ගැනීමෙන් පසුව යි..
දකුණු ඉන්දියානු සිනමාවේ ජනප්‍රිය නළුවකු වන විජේ දෙවරකොන්දා සමඟ ඇයගේ ප්‍රේම සම්බන්ධයක් ඇති බවට දැන් කාලයක සිටම කටකතා පැතිරෙනවා.. නමුත් ඒ දෙදෙනාම පවසන්නේ තමුන් අතර එවැනි සම්බන්ධයක් නැති බවයි..
කෙසේ නමුත් විජේ පිළිබඳ තමා තුළ විශාල ගෞරවයක් පවතින බව රශ්මිකා පවසනවා.. ජීවිතයේ බොහෝ වැදගත් තීරණ ගැනීමේ දී ඔහුගේ උපදෙස් සහ අදහස් තමාට බෙහෙවින් උපකාරී වන බවත් ඇය සඳහන් කරනවා..




















