BREAKING NEWS
Search

පරිස්සම්වෙන්න ! ෆේස්බුක් එකේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ අලුත්ම ජාවාරමක්

146

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා ස සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය.

ඊයේ (12) දිනය තුළ පමණක් ඊට අදාළ පැමිණිලි 8ක් ලැබී තිබේ.

ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් සහ එස්.එම්.එස් පණිවිඩ යොමුකරමින් මෙම ජාවාරම සිදුකරන බව චාරුක දමුණුගල මහතා සඳහන් කළේය.

මෙම ජාවාරම ව්‍යාපාරික ෆේස්බුක් ගිණුම් හිමියන් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බව ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *