BREAKING NEWS
Search

මේ දෙය වෙන්න කලින් මා එක්ක පුතා විනාඩි 45ක් කතා කළා – අවාසනාවන්ත ලෙසින් ජපානයේදී දිවියට සමුදුන් ලාංකික සිසුවාගේ මව හෙලිකල සංවේදී කතාව

518

ජපානයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරමින් සිටි කැලණිය ප්‍ර‍දේශයේ ශ්‍රී ලාංකික තරුණයකු සිය නවාතැනේදී ඉකුත් 06 වැනිදා ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කැලණිය, පෙතියාගොඩ, මෑවැල්ල පාරේ පදිංචිව සිටි දනිදු සස්මිත රවිහංස නමැති 21 හැවිරිදි තරුණයෙක්.

කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් අපොස උසස්පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඉන් පසුව ජපන් භාෂා විභාගයෙන් සමත්වී ඇති මෙම තරුණයා, ඉකුත් මාර්තු මස 30 දා ජපානයේ නාගෝයා ප්‍රදේශයේ විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මෙරටින් පිටත්ව ගොස් තිබෙනවා.

සිය පුතුගේ වියෝව පිළිබඳව ඔහුගේ මව සඳහන් කළේ මෙවැනි අදහසක්.

”මගේ පුතා ලංකාවෙන් ජපානයට ගිහින් මාස හතරයි දවස් පහයි. නීත්‍යනුකූල ක්‍රමවේදයට තමයි ගියේ. ජපන් විභාගය ඉහළින්ම සමත් වුණා. රුපියල් ලක්ෂ 35ක් වියදම් වුණා දරුවා ලංකාවෙන් ජපානෙට යවන්න. අපි ණය වෙලා තමයි පුතාව ජපානයට යැව්වේ. මුල්ලේරියාව ප්‍රදේශයේ ඒජන්සියකින් තමයි පුතා ගියේ. මගේ පුතාට මේ විදියේ දෙයක් කර ගන්න කිසිම හේතුවක් නැහැ. මේ දෙය වෙන්න කලින් මා එක්ක පුතා විනාඩි 45ක් කතා කළා. පුතා කලින් කරපු රස්සාව නැති වුණා. වෙන එකකට 5 වෙනිදා ඉන්ටව් යනවා කිව්වා. මම පස් වෙනිදත් ගත්තා. පුතා ආන්සර් කළේ නෑ. ඊට පස්සෙ එයාම මට කෝල් කළා අම්මෙ මම ඉන්ටව් එකකට ගියා කිව්වා. 6දා එයා දන්න හඳුනන හිතවත් අපේ පැත්තෙ ගෑනු ළමයෙක් මට කිව්වා පුතා ජීවිතේ නැතිකර ගන්නවා කියලා. වට්ස්ඇප් පණිවිඩයක් එව්වා කියලා. ඒ පණිවිඩේ මූණු පොතටත් දාලා තිබුණා.

ඊට පස්සෙ එහේ ඉන්න දන්න හඳුනන අයට කියලා එයාලව පුතාගෙ බෝඩිමට යැව්වා. එයාලා ගිහින් ජනේලෙන් බලද්දි ඒ තරම් ලොකු උසක් නැති බාල්කෙක පුතා ගෙල වැළලාගෙන ඉන්න විදිය දැකලා එයාලා පොලිසියට කියලා ගිලන් රථයකින් රෝහලට ගෙනියලා තිබුණා. එතකොටත් පුතා නැති වෙලා. මගේ දරුවාගේ මෘතදේහය ලංකාවට ගෙනැත් දෙන්න කියලා මම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළා. දහසක් බලාපොරොත්තු තියාගෙන ණය වෙලා දරුවා ජපානෙට යැව්වා. අපි අද මේ දරුවගෙ මරණයෙන් අන්ත අසරණ වුණා.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *