නුවර පෙරහැර බලන්න ආ අය මත් කරවන්න හැදු අයෙකුට සිදු වූ දේ

163

ඓතිහාසික ඇසළ පෙරහැර නිමිත්තෙන් මහනුවර නාගරික සීමාවේ සියලු මත්පැන් අලෙවිසැල් වසා තිබිය දී, පෙරහැර මාර්ගය ආසන්නයේදී වැඩි මිලට ‘බියර් කෑන්’ අලෙවි කළ වෙළෙඳ සැලක හිමිකරුවෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරහැර වීදි සංචාරය කරන විටත් අදාළ ස්ථානයේ මත්පැන් විකුණන බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී ‘බියර් කෑන්’ 12ක් සොයාගත් බව පොලීසිය පවසයි.

රුපියල් 550කට මිල නියම කර තිබූ ‘බියර් කෑන්’ එකක් මෙම ස්ථානයේ දී රුපියල් 1,000කට අලෙවි කර තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් 30,000ක දඩයක් නියම කර ඇත.

ඇසළ පෙරහර නිමිත්තෙන් මෙම මස 20 වැනි දින දක්වා මහනුවර මත්පැන් අලෙවි සැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *