රගලකරුවන් විසින් සොරාගත් හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනාගේ සුරතල් පූසා ආරක්ෂක අංශ මගින් සොයාගෙ
න තිබෙනවා.
මෙම පූසා අරගලකරුවන් විසින් අගෝස්තු 05 වැනිදා ඇගේ නිල නිවසින් සොරාගෙන ගොස් ටකා හතළිස් දහසකට විකුණා තිබිණි.
කෙසේ නමුත් සත්ත්ව ප්‍රේමී සංවිධාන හා ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකින් පසුව අගමැතිනියගේ සුරතල් පූසා මෙන්ම ඇගේ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයා ද සොයාගෙන තිබේ.
අරගලකරුවෝ අගමැතිනියගේ යට ඇඳුම් සේම කුණු බාල්දි පවා සොරාගෙන ගියහ.
මේ අතර සෙනසුරාදා දිනයේදී සිදුවූ ශිෂ්‍ය උද්ඝෝෂණ නිසා එරට අගවිනිසුරු ඩබයිදුල් හසන් ඉල්ලා අස්ව තිබේ. එරට ජනාධිපතිවරයා විසින් පසුව නව අගවිනිසුරුවරයකු පත්කර ඇත.




















