BREAKING NEWS
Search

එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වූ ග්‍රැහැම් තෝර්ප් ගේ මරණය ගැන බිරිදගෙන් නොසිතු අනාවරණයක්

272

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

එංගලන්තයෙන් බිහි වූ විශිෂ්ට පිතිකරුවෙකු වූ ග්‍රැහැම් තෝර්ප් ගේ අභාවය සියදිවි නසා ගැනීමකින් සිදු වූවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ බව තෝර්ප්ගේ බිරිඳ අමන්දා විසින් හෙළිකර ඇති අතර, ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ ඔහු මානසික පීඩනයකින් පසුගිය කාලය පුරාවට දුක්විඳි බවයි.

වසර දෙකකට ආසන්න කාලයක සිට දැඩි ලෙස රෝගාතුරව සිටි තෝර්ප් ඉකුත් 05 වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට 55 වැනි වියේ පසු විය.

කෙසේ නමුත් තොර්ප්ගේ බිරිඳ අනාවරණය කරන තෙක්ම ඔහුගේ මිය යෑමට හේතුව පිළිබඳ කිසිඳු සඳහනක් නොතිබුණි.

2022 මාර්තු මාසයේදී තෝර්ප් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කළත්, එම පත්කිරීමෙන් ටික කලකට පසු ඔහු එම වගකීමෙන් මෙන්ම සියලුම පුහුණුකිරීම් කටයුතු වලින් ඉවත් විය.

එතැන් සිට මිය යන තෙක්ම තෝර්ප්ගේ කටයුතු මෙන්ම ඔහුගේ අසනීප තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු පවුලේ අයට පමණක් සීමා විය.

වසර 12කට ආසන්න කාලයක් (1993 – 2005) එංගලන්තය නියෝජනය කළ තෝර්ප්, ටෙස්ට් තරග 100කට ක්‍රීඩාකළ කීර්තිමත් වමත් පිතිකරුවෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *