තරුණ ගුරුවරියකගේ මුහුණට නිරුවත් ඡායාරූපයක් බද්ධකොට සමාජ මාධ්‍යයට මුදා හළ බව කියන සිසුන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොල්ගොල්ල මහවැලි අධ්‍යාපන විද්‍යා පීඨයේ සිට වසරක සීමාවාසික පුහුණුවක් සඳහා මාතලේ විජය විද්‍යාලයට ගිය තරුණ ගුරුවරියකගේ මුහුණට එලෙස නිරුවත් ඡායාරූප බද්ධකොට ඇත්තේ 14 වන වියේ පසුවන සිසුන් දෙදෙනෙකුයි.
එම ගුරුවරිය නැටුම් ගුරුවරියක ලෙස පුහුණුවීම සඳහා අදාළ විදුහලට අනුයුක්ත කොට ඇති බව සඳහන්.
ඇයගේ නිරුවත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වන බවට නිරීක්ෂණය වීම හේතුවෙන් ඇය ඒ සම්බන්ධයෙන් මාතලේ පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.
එම පැමිණිල්ල පිළිබඳ විමර්ශන ආරම්භ කළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් එම විදුහලේ 10 වසරේ ඉගෙනුම ලබන සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

















