BREAKING NEWS
Search

අනේ දෙවියනේ… කෑමත් අරගෙන ගෙදර ආපු මගේ පුතා…- ගමක් හඬවමින් 18 හැවිරිදි තරුණකුට දිවි අහිමි කළ, මාරක යතුරුපැදි අනතුර…

363
වරකාපොළ අලව්ව ප්‍රධාන මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේ දී පෙරේදා  සවස යතුරුපැදියක් පෙරළී ඉදිරියෙන් ආ ලොරි රථයක් අස්සට යතුරු පැදිය ගොස් එක් තරුණයෙක් මිය ගොස් තවත් තරුණයෙක් බරපතළ තුවාල ලබා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පවසනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වරකාපොළ තුඹලියද්ද ග්‍රාමයේ පදිංචිව සිටි 18 හැවිරිදි වහුම්පුරගේ පසිදු කෞශල්‍ය චිත්‍රානන්ද නමැති තරුණයෙකි.

බරපතළ තුවාල ලබා කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ දොරවක පදිංචිව සිටින 19 හැවිරිදි ජයලත් පතිරන්නැහැලාගේ බුද්ධික නයනජිත් ප්‍රේමරත්න නමැති තරුණයාය.

මිය ගොස් ඇති තරුණයා සහ කුරුණෑගල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයා කුරුණෑගල නගරයේ ආයතනයක වාහන පින්තාරුකරුවන් ලෙස වසරක පමණ කාලයකට ඉහතදී සේවයට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

සෑම සෙනසුරාදා දිනකම නි‍ෙවසට පැමිණ යළි සඳුදා අලුයම කුරුණෑගල ආයතනයට යන බවත් පෙරේදා එලෙස නිවැසියන්ට කෑම පාර්සල් ද රැගෙන ද තරුණයින් දෙදෙනා කුරුණෑගල සිට වරකාපොළ දක්වා පැමිණෙමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

යතුරුපැදිය හිමිකරු වන කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණයා යතුරුපැදිය පදවා ඇති අතර මිය ගොස් ඇති තරුණයා පිටුපස ගමන් කරමින් සිට ඇති බවත් පොලිසිය පැවසීය.

අලව්ව නගරය පසු කර වරකාපොළ දෙසට යතුරුපැදිය අධික වේගයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ දී තුල්හිරිය 5 කණුව ආසන්නයේ දී යතුරුපැදිය පෙරළී ඉදිරියෙන් වරකාපොළ සිට අලව්ව දෙසට ධාවනය වෙමින් තිබුණු ලොරි රථයක් ඇතුළතට යතුරුපැදිය ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

අනතුර සිදු වූ ස්ථානයේ දී පසු පැදිකරු මිය ගොස් ඇති අතර පැදිකරු බරපතළ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබුණි.

පසුව බරපතළ තත්ත්වයේ සිටි පැදිකරු කුරුණෑගල මහ රෝහලට මාරු කර යවා තිබේ.

මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද වරකාපොළ තුඹලියද්දේ දී සිදු කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *