BREAKING NEWS
Search

හෝටලයක් මතට හෙලිකොප්ටරයක් ​​කඩා වදී. ගුවන් නියමුවා වෙච්ච දේ

115

උතුරු ක්වීන්ස්ලන්තයේ කේන්ස් නගරයේ හෝටලයක වහලය මතට හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගුවන් නියමුවා මිය ගොස් තිබෙනවා.

ප්‍රාදේශීය වේලාවෙන් අද අලුයම 01:50 ට පමණ ඩබල් ට්‍රී බයි හිල්ටන් හෝටලයට මෙම හෙලිකොප්ටරය කඩා වැදී ඇති අතර එහිදී විශාල ගින්නක් හට ගෙන ඇති බව සඳහන්.

මේ නිසා හෝටලයේ නවාතැන්ගෙන සිටි අමුත්තන් විශාල සංඛ්‍යාවක් ඉවත් කිරීමට සිදුවූ බවයි එරට බලධාරීන් පවසන්නේ.

බලධාරීන් පවසන්නේ හෙලිකොප්ටරයේ සිටි එකම පුද්ගලයාවන එහි නියමුවා එම ස්ථානයේදීම මිය ගිය බවයි.

80 ගණන්වල පසුවූ පිරිමි පුද්ගලයෙකු සහ සහ 70 ගණන්වල පසුවන කාන්තාවක් ස්ථාවර තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති බවත් සඳහන්.

මෙම හෙලිකොප්ටරය අයත් සමාගම පවසන්නේ එය අනවසර ගුවන් ගමනක් වූවත් ක්වීන්ස්ලන්ඩ් පොලීසිය සහ ගුවන් සේවා ආරක්ෂක ආයතනය මෙම අනතුර පිළිබඳ ඉදිරි පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *