BREAKING NEWS
Search

විවාහ වී පැය කිහිපයකට පසු සැමියා, 19 හැවිරිදි තම බිරිදට කල අහස පොලොව නුහුලන අපරාධය

5866
විවාහ වී පැය කිහිපයකට පසු ඇති වූ ගැටුමක් හේතුවෙන් සැමියා විසින් සිය බිරිඳව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක් වන අතර ඇයගේ සැමියා ද බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

විවාහ උත්සවයෙන් පසුව ඥාතීන් සමඟ ටික වේලාවක් ගත කර ඇති මෙම යුවළ පසුව සිය කාමරය වෙත ගොස් තිබෙනවා.

මිනිත්තු කිහිපයකට පසුව එම කාමරයෙන් කෑගැසීමක් ඇසීම නිසා ඥාතීන් විසින් පරීක්ෂා කර ඇති අතර එහිදී සැමියා විසින් අදාළ තරුණියට පිහියකින් පහර දෙන අයුරු දැක ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔවුන් විසින් කාමරයේ දොර විවෘත කිරීමට උත්සහ ගෙන ඇති අතර එම උත්සහය අසාර්ථක වී තිබෙනවා.

පසුව බලහත්කාරයෙන්ම දොර කඩා දමා ඇති අතර ඒ වන විට අදාළ තරුණිය කැපුම් තුවාල සහිතව කාමරය තුළම මිය ගොස් සිටි බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම විවාහ වීම ප්‍රතික්ෂේප කර ඇති නමුත් මෙම තරුණියව සිය කැමැත්තෙන්ම විවාහ කර ගෙන ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *