මත්පැන් පානය කරන අයගේ බලාපොරොත්තු සුනු විසුනු වන පණිවිඩය

223

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අතිවිශේෂ මත්පැන් මිල පහත දමන බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙනවා.

අතිවිශේෂ මත්පැන් මිල පහළ දමන මෙන් තමන් පසුගියදා සිදුකළ ඉල්ලීම මත්පැන් නිෂ්පාදන ආයතන ප්‍රතික්ෂේප කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇති බව වනවා.

කෙසේ වෙතත්, ඒ අනුව මේ මොහොතේ මත්පැන් මිල පහළ දැමීමක් සිදු නොවන බව ද සුරාබදු කොමසාරිස්වරයා කියා තිබෙනවා.

මේ අතර, පසුගියදා සුරාබදු කොමසාරිස්වරයා සහ මත්පැන් සමාගම් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එහිදී සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කර ඇත්තේ මත්පැන් සඳහා වැඩි වශයෙන් භාවිතා කරන ස්ප්‍රීතුවල මිල අඩුවී ඇති බවයි.

එම නිසා අරක්කු මිල අඩුකරන ලෙස ඔහු ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙහිදී මත්පැන් සමාගම් පවසා ඇත්තේ අරක්කු බෝතල්වල මිලෙන් 80% ක් 90%ක්ම වැට් සහ වෙනත් බදුවලින් සමන්විත බවයි.

මේ අතර, 2023 ජූලි පළමුවැනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අනූව මත්පැන් සහ මධ්‍යසාර මිල ඉහළ දැමුවා.

ඒ අනූව අතිවිශේෂ අරක්කු බෝතලයක මිල රුපියල් 1000කින් ඉහළ ගියා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *