BREAKING NEWS
Search

මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න- දකුණු අප්‍රිකාවේ රූ රැජින කිරුළ හිමිකරගත් පළමු ශ්‍රවණ ආබාධිත තරුණිය මෙන්න. බලන්නකෝ එයාගේ ලස්සන

150

දකුණු අප්‍රිකාවේ රූ රැජින ලෙස Mia le Roux නම් බිහිරි තරුණියක් කිරුළ හිමිකරගත්තාය.

එම කිරුළ හිමිකරගත් පළමු බිහිරි තරුණිය ලෙස මියා වාර්තා පොතට එක් වූවාය.

දැනට 28 හැවිරිදි වියේ පසුවන මියා, ශ්‍රවණ දුර්වලතාවයකින් පෙළෙන බව හඳුනාගෙන තිබුණේ ඇයට වයස අවුරුද්දක් පමණ වන විටදීය.

ඇයට ශබ්දය හඳුනා ගැනීම පහසු කිරීම සඳහා ශ්‍රවණ උපකරණයක් සවිකර ඇති බව සඳහන් ය.

සිය කථන හැකියාව ඇතිකර ගැනීම සඳහා වසර දෙකක් පමණ වෙහෙසීමට සිදුවූ බව ඇය පැවසුවාය.

මේ වනවිට නිරූපිකාවක් ලෙසත් වෙළෙඳ කළමනාකාරිනියක් ලෙසත් සේවය කරන මියා පවසන්නේ, “මම දැන් දන්නවා මාව මේ ලෝකෙට එව්වේ සීමාවන් බිඳින්න…මම ඒ දේ අද රෑ සිදුකළා…” යනුවෙනි.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *