BREAKING NEWS
Search

බිජු කෝටි තුනක් මෙරටට

715

ඉන්දියාවෙන් දෙවන වරටත් ආනයනය කරන බිත්තර කෝටි තුනක පළමු තරගය මේ මාසයේදී මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සදහන් කරයි.

මෙවර බිත්තර ආනයනය කිරීම සම්බන්ධයෙන් ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය.

වැට් ඇතුළු රජයේ බදු ගෙවා බිත්තර ආනයනය කෙරෙන බවත් මීට පෙර මෙන් ආනයනය කරන එම බිත්තර ලංකා සතොස හරහා ජනතාවට අලෙවි කිරීමට

පියවර ගෙන ඇතැයි ද සභාපති ආසිරි වලිසුන්දර මහතා සදහන් කළේය.

මේ වනවිට දේශීය වෙළදපොළේ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා අළෙවි කිරීම හේතුවෙන් යළි බිත්තර ආනයනය

කිරීමට පසුගියදා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් පැවසූ ඔහු දේශීය බිත්තර වෙළෙදුන් අසීමිත ලෙස බිත්තර වලින් ලාභ ලබන බවත් පැවසිය.

මීට පෙර බිත්තර ආනයනය නතර කිරීමෙන් පසු බිත්තර වෙළෙදුන් වැඩි මිලට බිත්තර අලෙවි කරමින් පාරිභෝගිකයන් ගසාකෑ බවද ඉන් පාරිභෝගිකයින්ට විශාල අසාධාරණයක් සිදු වූ බව සභාපති ආසිරි වලිසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *