කුඩා දරුවෙක් ඇතුළු පස් දෙනෙක් රෝහල ට යැවූ වෑන් – කාර් අනතුර

249

මෝටර් රථයක් හා වෑන් රථයක් මාරවිල දී එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

අද (11) අලුයම 2.45ට පමණ එම අනතුර සිදුව තිබුණේ මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට ගමන් ගන්නා මාර්ගයේදීය.

අතුරු මාර්ගයක සිට ඉතා වේගයෙන් පැමිණ මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව වෑන් රථයේ ගැටී එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

අනතුරින් හලාවත, පම්බල ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ ඥාතීන් පිරිසක් තුවාල ලබා තිබුණි.

ඔවුන් මඩු දේවස්ථානයට පිටත්ව යාමට පෙර මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට පැමිණ අවස්ථාවේදී එම අනතුරට මුහුණ දී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී මෝටර් රථයේ රියදුරු අධික ලෙස බීමතින් සිට ඇති බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *