BREAKING NEWS
Search

පාසල් සිසුවෙකුට පොලීසියෙන් පහරදීම ගැන මානව හිමිකම් පරීක්ෂණයක්

98

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පයාගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පිරිසක් විසින් යතුරුපැදියක් නොනැවත්වූ බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පසුගිය 07 වනදා අදාළ සිසුවා, පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් ඇති අතර මිතුරා හෙල්මට් පැළඳ සිට නොමැති බව පොලීසිය පැවසුවේය.

එහිදී පයාගල පොලිසියේ රථවාහන අංශයේ ජංගම නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස ලුහුබැඳ ගොස් යතුරුපැදිය නවත්වා බැන වැදී තිබේ.

එම අවස්ථාවේ දී පාසල් සිසුවා යතුරුපැදිය යළි පණගන්වා අසල පිහිටි ඥාතී නිවසක් වෙත යතුරුපැදිය ධාවනය කර ඇති බව සඳහන්ය.

පොලිස් නිලධාරින් ඔවුන් ලුහුබැඳ ගොස් යතුරුපැදියේ පසුපස සිටි සිසුවාට කනට පහරක් එල්ලකර යතුරුපැදිය පැදවූ පාසල් සිසුවාටද පහරවල් කිහිපයක් එල්ලකර ඇති අතර එම අවස්ථාවේ දී ඔහු බිම ඇදවැටී ඇති බවත් පසුව පා පහරක් එල්ලකර තුනටිය ප්‍රදේශය පාගා ඇති බව වාර්තා විය.

පහරකෑමට ලක්වූ පාසල් සිසුවා ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල ට ඇතුළු කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පයාගල පොලීසියේ ස්ථානාධිපතිවරයාට දැනුම් දුන් බව එම කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *