BREAKING NEWS
Search

අනියම් පෙමක් නිසා ඝාතනයට ලක් වූ සංගීත ශිල්පියාගේ සැගවුණු තොරතුරු හෙළිවෙයි

375

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අත්තනගලු‍ ඔයෙහි ශාකාවක් වන දාරළුව ඔයේ තිබී සොයා ගත් මළසිරුර සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල දී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් ලද තොරතුරු අනුව ඝාතනයට ලක් වූ පුද්ගලයාට අයත් යතුරු පැදිය අද (09) සොයා ගෙන තිබෙනවා.

පසුගිය 05 වනදා ඔයේ සුදු පාලම ආසන්නයේ තිබී වයස අවුරුදු 40 හැවිරිදි විවාහක පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබුණා.

මෙලෙස ඝාතනය වී තිබුණේ එම ප්‍රදේශයේ සංගීත කණ්ඩායමක වාදන ශිල්පියෙකු වන අතර ඝාතනයට හේතුව වී ඇත්තේ අනියම් සබදතාවයක් බවයි පොලිසිය සදහන් කළේ.

පසුව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් සිදුකර තිබූ අතර එහිදී එය මනුෂ්‍ය ඝාතනයක් බවට ඇති වූ සැකය මත එම ප්‍රදේශයේ ම වයස අවුරුදු 45 ක් සහ 40 හැවිරිදි පුද්ගලයෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔවුන්ගෙන් සිද කල ප්‍රශ්න කිරීම් වලදී ඝාතනයට ලක් වූ පුද්ගලයාට අයත් යතුරු පැදියක් අත්තනගලු‍ ඔයට දැමූ බවට අනාවරණය වීමත් සමග නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් එම යතුරු පැදිය ගොඩගෙන ඇත්තේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *