ඔයා තමයි මම දැකපු ලස්සනම කෙනා. මේ අවුරුදු ගාණටම මට දුන්න ආදරේ, මුළු ජීවිත කාලෙටම ඇති – සියල්ලන් හඬවමින් අවසන් ගමන් ගිය චිරාත් !

1270

සමහර සිනහවන් තියෙනවා, ඒවා සදාකාලිකයි. ඒ මූණු මතක් වෙන්න හිනාව හොඳට ම ප්‍රමාණවත්.

පහුගිය දවසක හිත මිතුරන් හඬවා අවසන් ගමන් ගිය ‘චිරාත් ජයවර්ණ’ කියන්නෙත් එහෙම හිනාවක් මුවෙහි රඳවා ගත් සොඳුරු හාදයෙක්.

බොහෝමයක් අය කිව්වෙ, ලස්සනම සිනහව හිමි ඡායාරූප ශිල්පියා ඔහු බව.

Monara

චිරාත්ගේ හදිසි අභාවයට හේතුව හැටියට සමීපතමයන් සඳහන් කර තිබුණේ, හෘදයාබාධ තත්ත්වයක් ඔහුගේ ජීවන ගමනට හරස් වුණු විත්තිය.

එහෙම අවසන් ගමන් ගිය චිරාත් නමින් සමාජ මාධ්‍ය පුරාම සංවේදී සටහන්, ඡායාරූප, වීඩියෝ පිරිලා. ඒ තරමට ඔහුට ආදරේ කළවුන් සෑහෙන්න.

Monara

ඒ අතර කාගෙත් හදවත් සංවේදී කළ, චිරාත්ගේ හදගත් ඈ තැබූ සටහනයි මේ…

”ඔයා තමයි මම දැකපු ලස්සනම කෙනා, මේ ලෝකෙ හිටපු හොඳම කෙනා, මම තනිවෙලා හිටපු වෙලාවෙ අම්මා තාත්තා වෙලා හොඳම යාළුවා,මගෙ සහෝදරයා වෙලා ඔයා මගෙ ළඟින් ඉදගෙන මේ අවුරුදු ගානටම මට දුන්න ආදරේ මුළු ජීවිත කාලෙටම මට ඇති සුද්දෝ.

ඉසුරු අයියලා, රයන් අයියලා, චරිත් අයියලා උවින් අයියලා එක්ක ඉන්න කාලෙ මට ඔයාව හම්බ වුණේ.

හරි ලැජ්ජයි අහිංසකයි,මගෙ ජීවිතේ ඔයා තමයි මට හැමදේම රත්තරං,හැමදාම මම ඔයා වෙනුවෙන් ඉන්නවා,මේ ලෝකෙන් මාවත් ඉක්මනට එක්කන් යන්න එතකන් මං ඔයා වෙනුවෙන් පිං එකතු කරනවා,

ඔයා මං අඩද්දි අඩනවා ඔයා ආසම නැත්තෙ මං අඩනවට

අනේ ඇයි දෙයියෝ මං ඉන්නවනේ කියලා මාව ළඟට ගන්න ඔයා අද මගෙ ළඟ නෑ කියලා මට දැනෙන්නෙවත් නෑ සුද්දෝ..

මං මැරෙනකල්ම ඔයාට ගොඩාක් ආදරෙයි. තව ගොඩාක් කියන්න ඕනි.

හැමදේම Facebook දානවට ආස නෑනෙ ඔයා,නිවන් සුව මගෙ සුදු මහත්තයෝ”

Monara

Monara

Monara

Monara




Leave a Reply

Your email address will not be published. Required fields are marked *