කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙනවා.
මෙය රට පුරා විරෝධතා අවුලුවා ඇති අතර කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරීන් එය හඳුන්වා ඇත්තේ “ළමා දූෂණය නීතිගත කිරීමක්” ලෙසයි.
ඉරාකයේ දේශපාලන ක්‍රමයේ ආධිපත්‍යය දරන ෂියා ආගමික කණ්ඩායම් දශකයකට වැඩි කාලයක් රට තුළ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති අවුරුදු 18ක සීමාව අවුරුදු 9ක දක්වා අඩු කිරීමට ඉරාකය මේ වන විට සූදානම් වන අතර ඒ සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත ඉරාක අධිකරණ අමාත්‍යවරයා විසින් මන්ත්‍රණ සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

















